Tuesday, March 3, 2026
Homeදේශීයආපදා මරණ 627ක් – 190ක් තවමත් අතුරුදන්

ආපදා මරණ 627ක් – 190ක් තවමත් අතුරුදන්

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25ට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (07) මධ්‍යාහ්න නිකුත් කළ වාර්තාව අනුව, පුද්ගලයින් 190ක් තවමත් අතුරුදන්ව ඇති අතර, පවුල් 611,530කට අයත් පුද්ගලයින් 2,179,138ක් අයහපත් කාලගුණයෙන් බලපෑමකට ලක්ව සිටී.

වැඩිම මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
නුවරඑළියෙන් 89ක්, බදුල්ලෙන් 90ක්, කුරුණෑගලෙන් 61ක්, කෑගල්ලෙන් 32ක්, පුත්තලමෙන් 35ක්, මාතලේ සිට 28ක් මරණ වාර්තා වී ඇත.

මේ අතර පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් වාර්තාවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments