උතුරු ඇෆ්ගනිස්තානයේ මසාර්-ඊ-ෂරීෆ් නගරයට බලපෑ ශක්තිමත් භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමතරව, තුවාල ලැබූ අයගේ ගණන 260 පමණ වන අතර, රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය වාර්තා වී ඇත.
භූකම්පනයෙන් මසාර්-ඊ-ෂරීෆ් නගරය සහ එයට අසන්න ප්‍රදේශ කිහිපයක් දැඩි හානිවලට ලක්ව ඇති අතර, කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් සොයා බේරාගැනීම් මෙහෙයුම් ද මේ වනවිට සිදුවෙයි.
බලධාරීන් පවසන්නේ, මේ වන තත්වයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ඇෆ්ගනිස්තානය නිරන්තරයෙන් භූකම්පනවලට ලක් වන රටක් වන අතර, පසුගිය අගෝස්තු මාසයේදී සිදු වූ භූකම්පනයකින් පුද්ගලයින් 2,200කට අධික පිරිසක් මියගොස් තිබුණි.
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

