Tuesday, October 28, 2025
Homeදේශපාලනඉදිරියට කරන්නේ කුමක්ද?විපක්ෂයේ ප්‍රබලයින් රැසක් රහසිගත හමුවක...

ඉදිරියට කරන්නේ කුමක්ද?විපක්ෂයේ ප්‍රබලයින් රැසක් රහසිගත හමුවක…

විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙකනෙකුත් අතර විශේෂ හමුවක් අද (27 )දින කොළඹ 02 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වුණා.

ඉතා රහසිගතව සිදුවූ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාකොට ඇත්තේ නොවැම්බර් 21 වෙනිදා ආණ්ඩුවට එරෙහිව පැවැත්වීමට සූදානම්වන මහා ජනහඬ විරෝධතා රැළිය පිළිබඳවයි.

“මහා ජනහඬ රැළිය ගැන ආණ්ඩුවත් හොඳ අවධානයකින් බලාගෙන ඉන්නේ. ඒ නිසා උපරිම විනයක් සහිතව නුගේගොඩ රැළිය පවත්වන්න ඕන. මොකද ආණ්ඩුව මේ රැළියට එක එක බකට් පෙරළන්න පුළුවන්.”
යනුවෙන් එක් දේශපාලන නායකයෙකු ප්‍රකාශ කළා.

“ඔව්, ඔව් ඒක ඇත්ත සෙනග පාලනය කිරීමේදී අදාළ අය බොහොම පරිස්සමට ඒවැඩේ කරන්න ඕන.

විශාල පිරිසක් එන නිසා සෙනඟ පාලනය කිරීම ගැනත් අපේ සංවිධායකයින්ට හොඳ වැටහීමක් ලබාදිය යුතුයි.

යනුවෙන් තවත් දේශපාලන නායකයෙකු ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගය අනිවාරයෙන්ම එනවා නේද? එසේ විමසුවේ වමේ පැරණි දේශපාලන පක්ෂ නායකයෙක්.

ඔව් ,ඔව් අනිවාරයෙන්ම සහභාගීවෙනවා .මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පහුගිය දවස්වල තිබුණු රැස්වීම්වලට සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා දිගටම සහභාගීවුණා.

ගිය සිකුරාදා රෑ තලවතුගොඩ තිබුණු යූ ටියුබර්ස්ලාගේ හමුවටත් සුජීව ආවා. ඒක නිසා සජබ ගැන ගැටළුවක් නැහැ. සුජීව ඇතුළු කිහිප දෙනෙක්ම මේ ගැන සම්බන්ධිකරණ කටයුතු අපිත් එක්ක දිගටම කරගෙන යනවා.

යනුවෙන් පැවසුවේ විපක්ෂයේ ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයෙක්.

මීට අමතරව මහා ජනහඬ නුගේගොඩ රැළියේ මාධ්‍ය ප්‍රචාරක කටයුතු හා සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරක කටයුතුවලට අදාළ වගකීම් කිහිපයක් බෙදීමටද මෙහිදී කටයුතු කළා.

ඊට අමතරව මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා තවත් සාකච්ඡාවක් ළඟදීම පැවැත්වීමටද මෙහිදී තීරණය වුණා.

උදය ගම්මන්පිල, සාගර කාරියවසම්, මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩී.වී චානක, මොහොමඩ් මුසම්මිල්, අජිත් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, සාගල රත්නායක, ඇතුළු දේශපාලඥයින් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments