Wednesday, February 11, 2026
Homeදේශීයඉදිරි කන්නයේ වී මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් – නියෝජ්‍ය ඇමති

ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් – නියෝජ්‍ය ඇමති

රජය මගින් ඉදිරි කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ බොහෝ දිස්ත්‍රික්කවල වී ගබඩා මේ වන විටත් විවෘත කර ඇති අතර, ලැබෙන අස්වැන්න ප්‍රමාණය අනුව ඉදිරි සැලසුම් සකස් කර ඇති බවය.

එමෙන්ම පසුගිය කන්නයේ මිලදී ගත් වී තොග ක්‍රමානුකූලව සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“මේ වන විට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. ගබඩා පහසුකම් සකස් කරලා තියෙන නිසා ඉදිරියේදී ගැටලුවක් ඇති නොවේ,” යැයි ඔහු අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments