ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී අද (20) පෙරවරුවේ දුම්රියක වනඅලි රංචුවක් ගැටී සිදුවූ අනතුරකින් වනඅලි 8 දෙනෙකු මරණයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සයිරං සිට නවදිල්ලි බලා අලුයම 2.17ට පිටත් වූ අධිවේගී දුම්රියක මෙම වනඅලි රංචුව ගැටී තිබේ.
මෙම අනතුරින් අලි පැටවෙකු තුවාල ලබා ඇති අතර, දුම්රියද පිලී පැනීමකට ලක්ව ඇති බව සඳහන් වේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය සේවා තාවකාලිකව අඩාල වී තිබේ.
දුම්රිය මාර්ගයේ අලි රංචුව දැක දුම්රිය නියමුවා හදිසි තිරිංග යෙදුවද අනතුර වළක්වාගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.

