මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
කන්කසන්තුරය ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම පිරිස සමඟ ධීවර යාත්රා දෙකක්ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.

