Monday, March 23, 2026
Homeසියලුම පුවත්ඉරානය අමෙරිකානු කඳවුරුවලට විදුලිය සපයන බලාගාර ඉලක්ක කරයි

ඉරානය අමෙරිකානු කඳවුරුවලට විදුලිය සපයන බලාගාර ඉලක්ක කරයි

ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදය හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ලබාදුන් කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති අවස්ථාවකය.
ඉරාන විප්ලවීය බළකාය විසින් නිකුත් කළ මෙම ප්‍රකාශය ගල්ෆ් කලාපයේ අරාබි රටවලට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා ටෙහෙරානය විසින් ගන්නා නව පියවරක් ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
සඳුදා උදෑසන ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා අලුයම අනතුරු ඇඟවා තිබුණේ, ඉරාන ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය තවදුරටත් අඩාල වුවහොත් ඉදිරි පැය 48 ඇතුළත ඉරාන බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments