Homeසියලුම පුවත්ඉරානය බලා ගිය තෙල් නෞකාවකට අමෙරිකානු මිසයිල ප්‍රහාරයක්

ඉරානය බලා ගිය තෙල් නෞකාවකට අමෙරිකානු මිසයිල ප්‍රහාරයක්

ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට අමෙරිකානු හමුදාව Hellfire මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති නාවික අවහිර කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව සඳහන් වේ.
අමෙරිකානු මධ්‍යම විධානයට අනුව, බොට්ස්වානා ධජය යටතේ ධාවනය වූ M/T Lexie නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.
පැය 24ක කාලයක් තුළ ලබාදුන් අනතුරු ඇඟවීම් සහ උපදෙස් කිහිපයක් නෞකාවේ කාර්ය මණ්ඩලය නොසලකා හැරීම හේතුවෙන්, එය ඉරානය වෙත ළඟාවීම වැළැක්වීම සඳහා නෞකාවේ එන්ජින් පද්ධතිය අක්‍රීය කළ බව අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත.
අප්‍රේල් 13 වැනිදා ආරම්භ කළ මෙම නාවික මෙහෙයුම යටතේ අමෙරිකාව විසින් අක්‍රීය කළ හයවැනි නෞකාව මෙය වන අතර, ඉරාන වරායන් වෙත ගමන් කිරීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් වෙනත් මාර්ග වෙත හරවා යවා ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments