Tuesday, March 10, 2026
Homeවිදෙස් පුවත්ඉරාන විප්ලවීය හමුදාවෙන් රතු එළියක්

ඉරාන විප්ලවීය හමුදාවෙන් රතු එළියක්

ඉරානයට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් පවත්වාගෙන ගියහොත් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට ඉඩ නොදෙන බව Islamic Revolutionary Guard Corps ප්‍රකාශ කර තිබේ.
මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ ඉරානය බවට Donald Trump විසින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම හමුදාව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවදුරටත් තම රටට අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය වීමට ඉඩ නොදෙන බවද එම හමුදාව වැඩිදුරටත් අවධාරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments