Thursday, November 20, 2025
Homeවිදේශීයඊශ්‍රායලයේ සේවයේ නියුතු ලාංකිකයෙකු මරුට

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලාංකිකයෙකු මරුට

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සේවය කළ ශ්‍රී ලාංකික කම්කරු හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියයි.

මියගොස් ඇත්තේ කුරුණෑගල ගල්කටුයාය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
අවසන් මොහොත දක්වා ඔහු රෝහල් වූයේ ප්‍රතිකාර සඳහා යොමුවී සිටියදීය.

ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මරණයක් මේ මාසයේ 14 වනදාද වාර්තා වී තිබුණි. එහිදී සුඩාන ජාතිකයෙකු විසින් එම ලාංකිකයා ඝාතනය කළ බව සඳහන් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments