Thursday, November 20, 2025
Homeදේශීයඋඩරට දුම්රිය ගමන් තවමත් අඩාලයි

උඩරට දුම්රිය ගමන් තවමත් අඩාලයි

උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීමෙන් සිදුවූ පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නැත.

ඒ අනුව අද (20) කොළඹ කොටුවෙන් බදුල්ල බලා යන දුම්රියයන් නානුඔය දක්වා පමණක් ධාවනය වන අතර, බදුල්ලෙන් කොළඹ බලා එන දුම්රියයන්ද නානුඔය සිට කොළඹ දක්වා පමණක් ධාවනය කෙරේ.

දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් ස්ථානයක් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ අද (20) රාත්‍රියට පෙර නඩත්තු කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය 18 වැනිදා බදුල්ලෙන් කොළඹ බලා ගමන් කළ රාත්‍රී තැපැල් දුම්රියක් ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී පස්කඳු හා ගල් කඩා වැටීමෙන් පීලිපැනීමට ලක්විය

RELATED ARTICLES

Most Popular

Recent Comments