Tuesday, February 17, 2026
Homeදේශීයඋඩරට දුම්රිය මාර්ගයේ ගමන් වාර 42ක් අවලංගු

උඩරට දුම්රිය මාර්ගයේ ගමන් වාර 42ක් අවලංගු

උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීමක් හේතුවෙන් අද (21) දිනට නියමිත දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දැනුම් දී තිබේ.

කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ හා අනෙකුත් ප්‍රාදේශීය මගී දුම්රිය ගමන්වලට මේ පිළිවෙලින් බලපෑමක් ඇතිව ඇත. එසේම කොළඹ සිට බදුල්ල හා නානුඔය බලා ධාවනය විය යුතු දුම්රිය 4ක් මහනුවර සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් වේ.

නානුඔය හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය 4ක් පේරාදෙණිය හා මහනුවර දක්වා පමණක් ධාවනය කිරීමට නියමිතය.

පසුගිය දින තුන තුළදී උඩරට මාර්ගයේ පිලී පැනීම් හේතුවෙන් අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක් බව ද වාර්තා වෙයි.

එමෙන්ම හෙට දහවල් 12 වන තුරුද පහත පරිදි දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments