Friday, January 16, 2026
Homeදේශීයඋඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමායි

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමායි

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) සිට නානුඔය දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ග කොටසේ පස් කන්දක් කඩා වැටී රාත්‍රී තැපැල් දුම්රියක් පීලි පැනීමෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවයි කියෙන්නේ. මේ හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර ඇති අතර, එම ප්‍රදේශයේ තද වැසි පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම අද දිනය තුළ සිදු කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. ඊයේ දින උදෑසන මහනුවර සිට බදුල්ල බලා ගිය දුම්රියක්ද ඔහිය දුම්රිය ස්ථානයට අසලදී පිලිපැනීමකට ලක්ව තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments