උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන මහජනතාවගේ පහසුව හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හෙට (21) සිට විශේෂ “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කර තිබේ.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් මත මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට මඟපෙන්වීම්, හදිසි අවස්ථාවලදී කඩිනම් සහාය, සම්බන්ධීකරණ සේවා, ගිලන් රථ හා ප්‍රථමාධාර සේවා ලබාදීමට කටයුතු කර ඇත.
ගාලු මුවදොර ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ හදිසි සිදුවීම්වලට වේගවත් ප්‍රතිචාර දැක්වීම මෙහි මූලික අරමුණ වේ.
මහජනතාවට හදිසි සම්බන්ධීකරණ, ගිලන් රථ සහ පොලිස් සහාය සඳහා 071 859 5880 දුරකථන අංකය භාවිත කළ හැකි බවද සඳහන් කර ඇත.

