Friday, November 14, 2025
Homeදේශීයඋසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රාත්‍රියෙන් තහනම්

උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රාත්‍රියෙන් තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී මෙම විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.

මෙවර විභාගයට පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතය.

එමෙන්ම, උසස් පෙළ විභාගය සම්බන්ධ සියලු උපකාරක පන්ති, විශයානුබද්ධ සම්මන්ත්‍රණ, දේශණ, වැඩමුළු සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු ක්‍රියාකාරකම් හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.

ඇය තවදුරටත් කියා සිටියේ, විභාග ප්‍රවේශපත්‍ර ලබා නොගත් අය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා අද සිටම ඒවා බාගත කර ගත හැකි බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය,

“මේ වෙනකොට දරුවන් විශය නිර්දේශය අවසන් කරලා විභාගයට සූදානම් වෙලා ඉන්න මොහොතේ ඉතාම හොඳ මානසික තත්ත්වයෙන් විභාගයට සූදානම් වෙන්න කියලා මම ඉල්ලනවා. ප්‍රශ්න පත්‍රවල කිසිදු වෙනසක් නැහැ. පසුගිය වසර ආකාරයටම තමයි. ඒ නිසා ඔබට ලැබී ඇති කාලසටහන අනුව විභාගය සඳහා මනා ලෙස සූදානම් වෙලා හොඳ මානසික තත්ත්වයක් සහිතව සන්සුන්ව ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය තුළ ඔබ ප්‍රශන පත්‍රය මැනවින් කියවා පිළිතුරු සංවිධානය කරගෙන පිළිතුරු සපයන්න කියලා දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

දෙමාපියන්ටත් කියන්න තියෙන්නේ මේ දරුවන් පාසල් දිවියේ අවසාන වසරේ පවත්වන විභාගය. මේ විභාගය දරුවන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් විභාගයක්. ඒ නිසා මේ විභාගයේදී දරුවන්ට පීඩනයකින් තොරව විභාගයට මුහුණ දීමට නිවසේ පරිසරයත් මනා ලෙස සකස් කරලා දරුවන්ට පීඩනයක් ඇති නොවන ආකාරයට විභාගයට සන්සුන්ව මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කර දෙන්න කියලා මම ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ.”

RELATED ARTICLES

Most Popular

Recent Comments