මෙවර උසස් පෙළ විභාගය අවසන් වීමට පෙරම ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වී ඇති අතර, එය දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, අද දිනයේ විභාගය නියමිත වේලාවටම, කිසිදු බාධාවකින් තොරව, දිවයිනේ සියලු මධ්‍යස්ථානවලදී ආරම්භ වී තිබෙන බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ —
“අපි සැලසුම් කරලා තියෙනවා විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කරන්න. විභාගයට පෙනී සිටින දරුවන්ට පණිවුඩ එක තමයි, නියමිත කාලසටහන බලලා විභාගය ආරම්භ වීමට පැයකට පෙරම මධ්‍යස්ථානයට පැමිණීමට.”
ඇය තවත් අවධාරණය කළේ, ප්‍රවේශ පත්‍රය රැගෙන පැමිණීමත් සහ නියමිත ස්ථානයේ අසුන් ගැනීමත් අත්‍යවශ්‍ය බවයි.
උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට තීරණයක්

