ඒ අනුව, තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.එංගලන්ත ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූ නායක හැරී බෲක් පන්දු 116කදී ලකුණු 202ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 21ක් ඇතුළත් විය. මෙය බෲක්ගේ එක්දින ක්රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය වන අතර, පන්දු 114කදී ද්විත්ව ශතකය සම්පූර්ණ කරමින් එක්දින ජාත්යන්තර ක්රිකට් පිටියේ වේගවත්ම ද්විත්ව ශතකයේ වාර්තාව ද තමන් සතු කර ගැනීමට ඔහු සමත් විය.මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 117කදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල්ය.එංගලන්ත ඉනිම ශක්තිමත් කළ විල් ජැක්ස් පන්දු 30කදී නොදැවී ලකුණු 66ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 69ක් සහ ටොම් බෙන්ටන් ලකුණු 50ක් ලබාගත්තේය.එංගලන්තය එක්දින ජාත්යන්තර ක්රිකට් පිටියේ ලකුණු 400 සීමාව පසු කළ අටවැනි අවස්ථාව මෙය වන අතර, රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම එක්දින ලකුණු සංඛ්යාව ලෙස ද මෙම ලකුණු 429 සටහන් විය.

