Tuesday, February 17, 2026
Homeවිදේශීයඑංගලන්තයේ දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහලට

එංගලන්තයේ දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහලට

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් ප්‍රදේශයේ දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩොන්කාස්ටර් සිට ලන්ඩන්හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි.

කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පිහි ප්‍රහාරයට ලක්වූ අය අතරින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන අතර, සියලු දෙනා රෝහල් ගත කර ඇත.

එම සිද්ධියෙන් පසු දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර නගරයේ මාර්ග රැසක් වසා දැමීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments