Friday, January 23, 2026
Homeදේශීයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් විපතට පත් ජනතාවට ආධාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් විපතට පත් ජනතාවට ආධාර

ආපදා තත්ත්වයෙන් බලපෑම් අත්විඳින ජනතාවට සහාය වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම ශ්‍රී ලංකාවට ළඟා වී ඇත.

මෙම පරිත්‍යාගයේ අතුළත් වී ඇත්තේ ආහාර ද්‍රව්‍ය, කූඩාරම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ වන අතර, ආපදාබාධිත ප්‍රදේශවල ජනතාවට බෙදාහැරීමට නියමිතය.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් මෙම ආධාර තොගය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා සෙව්වන්දි ද සිල්වා මහත්මියට, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන් මහතාට සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් භාර දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments