Friday, December 19, 2025
Homeදේශීයඑන්නතකින් ඇති වූ සුළු ගැටලුවක් හේතුවෙන් එය අත්හිටුවයි

එන්නතකින් ඇති වූ සුළු ගැටලුවක් හේතුවෙන් එය අත්හිටුවයි

වමනය සඳහා භාවිත කරන ප්‍රශ්නගත එන්නත සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවූ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හන්සක විජයමුනි මහතා සඳහන් කරයි.

මහනුවර රෝහලේදී එම එන්නතට සම්බන්ධ සිදුවීමක් වාර්තා වීමෙන් පසු එය භාවිතයෙන් අත්හිටුවීමට පියවර ගත් බවද ඔහු පැවසීය.

ඊට අමතරව කොළඹ ප්‍රදේශයෙන්ද මෙම ඖෂධය සම්බන්ධයෙන් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක් ලැබී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මුලදී එම එන්නතට අදාළ කාණ්ඩ කිහිපයක් පමණක් රෝහල්වලින් ඉවත් කළද, පසුව සම්පූර්ණ එන්නතම රෝහල්වලින් ඉවත් කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments