කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා නිදහස් කරන ලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
නීතිඥවරියකට අසභ්‍ය වචන භාවිත කරමින් බැන තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

