Sunday, December 21, 2025
Homeදේශීයකඳුකර ප්‍රදේශ සංවර්ධනයට නව සැලසුම්

කඳුකර ප්‍රදේශ සංවර්ධනයට නව සැලසුම්

චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හමුවීම සඳහා ගොවිජන මන්දිරයට පැමිණියහ. එහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ එහි අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව හා චීනය අතර දිගුකාලීන ආර්ථික හා සංස්කෘතිමය මිත්‍රත්වයක් පවතින බව සඳහන් කරමින්, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත අංශයෙන් ඉතා දියුණු සිංජියාවෝ නගරයේ අත්දැකීම් ශ්‍රී ලංකාවට වැදගත් බව දූත පිරිස අවධාරණය කළහ. විශේෂයෙන් ගබඩාකරණය, ශීතාගාර පහසුකම් සහ කෘෂි-කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව පිළිබඳව අදහස් හුවමාරු විය. ඒ අතර අමාත්‍යවරයාට චීනයේ සංචාරයක් සඳහා විශේෂ ආරාධනයක් ද කළහ.

මෙම අවස්ථාවේදී අදහස් පළ කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වයකින් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, පශු සම්පත්, වාරිමාර්ග සහ අපනයන බෝග අංශ යළි ගොඩනැගීම සඳහා මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතා ඉතා වැදගත් බවයි.

වී වගාවේ යම් හානියක් සිදුව ඇති නමුත්, එය රටේ ආහාර සුරක්ෂිතතාවයට බරපතල ගැටළුවක් නොවන ලෙස යළි සංවර්ධනය කළ හැකි බව ඔහු පැවසීය. එසේම, පශු සම්පත් ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින්, සත්ව ආහාර සඳහා භාවිත වන බඩඉරිඟු නිෂ්පාදනය වැඩි කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළේය.

ඉඩම් හිඟතාවය හේතුවෙන් බඩඉරිඟු වගා ඉඩම් වැඩි කිරීමේ ගැටළු පවතින බැවින්, අනාගතයේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා එය සත්ව ආහාරයක් ලෙස යොදාගැනීම පිළිබඳවද රජය අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වාරිමාර්ග අංශයෙන් බලද්දී, ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් වාරිමාර්ග පද්ධතියක් පවතින අතර, ආපදා හේතුවෙන් හානි වූ සුළු වාරිමාර්ග පද්ධති යළි සංවර්ධනය කිරීමට ද ඉදිරියේදී විශේෂ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments