පවතින අධික වර්ෂාපතනයන් හේතුවෙන් දිවයිනේ ජලාශ හා ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල විශාල වර්ෂාපතනයක් ලැබී ඇති අතර කැලණි, අත්තනගලු, ගිං සහ බෙන්තර ගගවලට වාහන වර්ෂාපතනයක් ලැබී තිබේ.
කළු ගඟේ ජල මට්ටම සීඝ්ර ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වී ඇති අතර රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්රදේශවල එහි බලපෑම දැනටමත් වටහාගත හැකි බව සඳහන් වේ.
කෙසේවෙතත් වර්තමාන තත්ත්වය ගංවතුර තත්ත්වයක් නොවන අතර, ඉදිරියේදී තවත් තද වර්ෂාපතනයක් ලැබුණහොත් එම අවදානම ඇතිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.
එමෙන්ම කැලණි ගඟ හා අත්තනගලු ඔය ආශ්රිතව පදිංචිකරුවන්ද අවධානයෙන් සිටිය යුතු බවත්, අධික වර්ෂාපතනයක් ලැබුණු විට ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

