Friday, January 23, 2026
Homeදේශීයකාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්

කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් කොළඹට රැගෙන එන්න නොහැකි වීම නිසා කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් සිදුව ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

සංගමය සඳහන් කරන්නේ ආපදා තත්ත්වයට පෙර දිනයේ රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත, පුත්තලම සහ ගනේවත්ත දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ බලවේග කට්ටල 39ක් දුම්රිය මාර්ගවලට සිදුවූ දැඩි හානි හේතුවෙන් කොළඹට රැගෙන එන්න නොහැකි වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් දැනට පවතින මගී අවශ්‍යතාවයට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම බරපතල අභියෝගයකි බවද සංගමය කනගාටුවෙන් ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments