කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සබරගමුව පළාත සහ ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, අද සවස 1න් පසුව එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර, මෙම අවවාදය අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවද සඳහන් වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අකුණු පිළිබඳ අවවාදයක්

