කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සහ ඊට අදාළ නීතිවිරෝධී ක්රියාකාරකම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පරිසර අමාත්යාංශය සඳහන් කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ ප්රදේශය කේන්ද්ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.සිද්ධිය සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද අමාත්යාංශය සඳහන් කළේය.අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය ප්රශ්න කරමින් සිටිති.වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සොයා ගැනීම මෙන්ම වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්රියාත්මක වූයේද යන්න පිළිබඳවද ඉදිරි විමර්ශන පුළුල් කර ඇති බව පරිසර අමාත්යාංශය වැඩිදුරටත් පැවසීය.

