Wednesday, February 11, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව, ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය. තරගය අහ්මදාබාද්හිදී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

මේ අතර අද පැවැත්වෙන අනෙකුත් තරගවලදී, ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය සවස 3.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.00ට වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments