කැලණි ගඟේ ජල මට්ටම ගණනියෙන් ඉහළ යාම හේතුවෙන්, ගඟ ආසන්නයේ ඇති පහත්බිම් ප්‍රදේශ කිහිපයක ජනතාවට කඩිනමින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස නිවේදනය කර තිබේ.
මෙම දැනුම්දීම කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් නිකුත් කර ඇත.
—
අවදානම් ප්‍රදේශ
කඩුවෙල – මාලබේ
අතුරුගිරිය – මාලබේ
මාලබේ – බත්තරමුල්ල මාර්ගයේ පහත්බිම් ප්‍රදේශ
මෙම ප්‍රදේශවල ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වන අතර පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ආපදා පියවර ලෙස ඉවත්වීම අත්‍යවශ්‍යය.
—
ආරක්ෂිත ස්ථාන
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවට පහත ස්ථානවලට ඉක්මනින් ගමන් කරන ලෙස උපදෙස් දේ:
මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය
පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලය
—
ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව නිසා, නියමිත ආරක්ෂිත ස්ථාන වෙත හැකි ඉක්මණින් ගමන් කරනු ලෙස ද සම්බන්ධ බලධාරීන් ඉල්ලා සිටී.

