කොත්මලේ ගාමිණි දිසානායක ජලාශය හි මඩ සොරව්ව ඊයේ (05) දින විනාඩි 30ක පමණ කාලයක් විවෘත කළ බව එහි කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කරයි.
පසුගිය අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ජලාශයට විශාල ප්‍රමාණයෙන් රොන් මඩ තැම්පත්වී තිබූ අතර, ඒවා ඉවත් කිරීම සඳහා මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බව වාර්තා වේ.
ජලාශ වේල්ලට පහළ ප්‍රදේශවල ජනතාව සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම කටයුත්ත සිදුකර ඇති අතර, එහිදී තත්ත්පරයට ජලය ඝන මීටර් 90ක පමණ ධාරිතාවක් පිටව ගොස් ඇත.
මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම 27.7% දක්වා පහළ ගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි
කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව විවෘත කරයි

