Tuesday, February 17, 2026
Homeදේශපාලනකොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද දෙකකින් සම්මත විය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව ඡන්ද 56ක් හිමිව තිබේ.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පසුගිය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කළ අතර, එහිදී එය පරාජයට පත් විය. එම අවස්ථාවේ අයවැයට විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබූ අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.

එවන් පසුබිමක අද දිනයේ නගරාධිපතිනී ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් අයවැය යළි සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් පැවති දෙවන ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්දයෙන් සම්මත විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments