Monday, December 22, 2025
Homeදේශීයකෝටි ගණනක් වංචා කළ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි

කෝටි ගණනක් වංචා කළ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (7) සිදුකළ විශේෂ වැටලීමකින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

කුකුළු ගොවිපල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් මෙම සැකකරුවන් විසින් වංචාකර ඇත.

ඔවුන්ගෙන් දෙදෙනෙකු අවුරුදු 26 හා 38 වයස්වල පසුවන මාඑළිය හා අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරු වාරියපොල, වැරැල්ලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකට භාවිතා කරන මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 43ක් හා නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් ද සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 22ක් වන කෙලිමුනේ ප්‍රදේශයේ පදිංචි නාවික හමුදාවෙන් පලාගිය සෙබළෙකු බව පොලීසිය පවසයි.

එමෙන්ම ඔහුගේ පියා යුධ හමුදාවේ සේවයකර විශ්‍රාමිකව සිටින පුද්ගලයෙකු වන බවත් ඔහු විසින් මෙම පතරොම් නිවසට රැගෙනවිත් ඇති බව මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.

සැකකරු වාරියපොල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments