Tuesday, February 17, 2026
Homeදේශීයගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට


ගතවූ පැය 24 තුළදී රටේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

වැල්ලම්පිටියදී – තොටළඟ අඹතලේ මාර්ගයේදී යතුරුපැදියක් ලොරි රථයකට ගැටීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගියේය.

කටුවනදී – වලස්මුල්ල-මිද්දෙණිය මාර්ගයේදී බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මියගියේය.

වෙරළබඩදී – කොළඹ වරාය පරිශ්‍රයේදී කන්ටේනර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් 49 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය.

තංගල්ලදී – මොරකැටිආර ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුට ගැටීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය.

පොලිසිය පවසන්නේ, අනතුරු බහුතරයක් වේගයෙන් සහ අවධානයක් නොතබා ධාවනය කිරීම හේතුවෙන් සිදුවී ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments