Tuesday, February 17, 2026
Homeදේශීයගම්පහ උඩුගම්පොල මාර්ගයේ මාරක රිය අනතුරක් – පුද්ගලයෙක් මරුට

ගම්පහ උඩුගම්පොල මාර්ගයේ මාරක රිය අනතුරක් – පුද්ගලයෙක් මරුට

ගම්පහ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් ඇත.

උඩුගම්පොල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කිරීමට නොහැකිව මාර්ගයේ වම් පස සිටි පදිකයෙකුට ඝාතනය කිරීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර, මියගිය අයෙකු වයස අවුරුදු 38ක් වූ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments