නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී-පැලේන් ගුවන් යානයක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී ඇත.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පොලිසිය පැවසුවේ, ගුවන් යානය නුවරඑළියට පැමිණි සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණ තිබූ අවස්ථාවේ මෙම අනතුර සිදුවූ බවයි.
ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන රැකවරණය කර තිබේ.

