Tuesday, February 17, 2026
Homeදේශීයගැඹුරු මුහුදේදී නාවික හමුදාව භාරයටගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව දික්ඕවිටට

ගැඹුරු මුහුදේදී නාවික හමුදාව භාරයටගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව දික්ඕවිටට

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගත්, මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇත.

නාවික හමුදාවට ලැබුණු විශ්වාසනීය තොරතුරක් අනුව, ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන ධීවර යාත්‍රාවක් ගමන් කරමින් පවතින බව අනාවරණය විය.

එම අනුව දිගුදුර නාවික නෞකා භාවිතයෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ නාවික හමුදා නිලධාරීන්, යාත්‍රාව හා එහි සිටි සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගත්හ.

යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට ගෙනයාමෙන් පසුව, නාවික හමුදාව විසින් අදාල අධිකාරීන්ට භාරදීමට කටයුතු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments