හැටන් – නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (12) පස්වරුවේ සිට යළි යථා තත්ත්වයට පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසීය.
දිට්වා සුළි කුණාටුවත් සමඟ ඉකුත් (29) දින එම පාලම ගිලා බැසීම හේතුවෙන්, එදින සිට අද (12) උදෑසන දක්වා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණි.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ පල්ලේකැලේ පිහිටි 31 වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මීටර් 15ක් දිග යකඩ පාලමක් සවි කිරීම මේ වන විට අවසන් කර ඇති අතර, ඒ අනුව අද පස්වරුවේ සිට මාර්ගය හරහා ගමනාගමනය යළි ආරම්භ කර ඇති බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේය.
එමෙන්ම, ගිලා බැස ඇති මාර්ග කොටස සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සති දෙකක් ඇතුළත කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

