ගංවතුරෙන් බිඳවැටුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව යළි කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවීන්ට වන්දි මුදල් ඉක්මනින් ලබා දීම මූලික අපේක්ෂාවක් වන අතර, අවශ්‍ය තාවකාලික වාරි පිළිසකරද කඩිනමින් කළ යුතු බවයි.
මහ වගා කන්නයේදී වී අස්වැද්දීමට සියලු ආයතන සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවත්, වන්දි සාධාරණ ලෙසම හිමියන්ට ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අනුරාධපුරයේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම, මාර්ග, විදුලි, ජල සහ වාරි යටිතල පහසුකම් යළි පිළිසකර කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මේ අදහස් පළ කළ අතර, දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම් හා ජල සැපයුම් වැඩිදුරටත් යථා තත්ත්වයට පත් කරමින් පවතින බවද නිලධාරීන් පැවසීය.
එතුමන් දරුවන්ට ලබාදීමට නියමිත මුදල් සහ පාසල් ක්‍රියාත්මක කිරීමේ කටයුතුද කඩිනමින් පවත්වා ගැනීමට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා අවසානයේ රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව කළ සේවයට ස්තුතිය පළ කළේ ය.
ගොවීන්ට වන්දි ලබාදී යළි වගාව කඩිනමින් ඇරඹීමේ නියෝග

