චීනය සමග රාජත්‍රන්ත්‍රික මට්ටමින් ණය සහන ලබා ගැනීමට අපොහොසත් වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන 03කට ආසන්න ණය පැකේජය අර්බුදයකට ලක්ව ඇතැයි ජපානයේ නිකේයි ඒෂියා වෙබ් අඩවිය පවසයි.
එහි සඳහන් වන්නේ මෙම රාජතාන්ත්‍රික දුර්වලතාවය නිසා ශ්‍රී ලංකාවේ විශාලතම ද්වීපාර්ශික ණය හිමියා වන චීනය විසින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය එම ණය අවහිර කර ඇති බවය.
ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය ඉතාමත් සෙමෙන් ගමන් කරන ක්‍රියාවලියක් බව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පෙන්වා දෙනු ලැබීය. ජපානයේ නිකේයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කරන්නේ ද්වීපාර්ශික ණය හිමියන්ගේන අත්‍යවශ්‍ය වන මූල්‍ය සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම නිසා දෙවන ණය වාරිකය සඳහා වන සමාලෝචනයද අසමත් වී ඇති බවය.
නිකේයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කරන්නේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ දසවන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා ජනාධිපති චීන ජනාධිපති ක්ෂී ජින් පින් හමු වී ණය සහන ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇති බවය. මේ වනවිට චීනය ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් සහ ලබා ගත් ණය පියවීමට අලුත් ණය පහසුකමක් ලබා දීමට සූදානම් වන බවද ජපානයේ නිකේයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කරයි.
ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය ප්‍රමුඛ කරගත් ද්වීපාර්ශික ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය පිළිබඳව චීනය ඇතුළුව හෝ නොමැතිව එකඟතාවයකට පැමිණීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය පසුගිය 03 වනදා වාර්තා කර තිබිණි