Wednesday, February 18, 2026
Homeදේශීයජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත හමුවෙයි

ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා හමුවී ඇත.

ඒ, නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය මත “AI Impact Summit 2026” සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින අතරතුර අද (18) පෙරවරුවේය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් පැවැත්වෙන “AI Impact Summit 2026” සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) ඇමතීමට නියමිතය.

සමුළුව සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා ඊයේ (17) පස්වරුවේ Indira Gandhi International Airport වෙත ළඟා විය.

මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දින 05ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් එක්වීමට නියමිත බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments