Thursday, November 20, 2025
Homeදේශීයජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය

ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය


ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හදිසි විධායක සහ මධ්‍යම කාරක සභා රැස්වීම් කැඳවීමට නියමිත බව සංගමය පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ පසු, සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙය ප්‍රකාශ කළේය.

ඒ අනුව, GMOA විසින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, ජනාධිපතිවරයා සංගමයේ යෝජනා සම්බන්ධව අවධානය යොමු කර ඇති අතර, සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව පිළිබඳවද සලකා බලන බව සංගමය වෙත දැනුම් දී ඇත.

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ:

“අපි ජනාධිපතිතුමාව දැනුවත් කළෙමු. එතුමා පොරොන්දු වුණා, මෙම අයවැය යෝජනාවලිය පාදක කරගෙන රටේ සෞඛ්‍ය පද්ධතිය හෙට දවසට පවත්වාගෙන යාමට, විශේෂයෙන් වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට. ඉදිරි සාකච්ඡා හා සාධනීය විසඳුම් සොයා බලන බවත් ඔහු පොරොන්දු වුණා.”

ඉදිරිව, GMOA හදිසි විධායක සභාවක් අද රැස්වීම් පැවැත්වීමට නියමිත අතර, ඉදිරියට හදිසි මධ්‍යම කාරක සභාවක් රැස්වීම් පැවැත්වීමටත්, එම සභාවලදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගන්නටත් සංගමය සැලසුම් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments