Friday, November 21, 2025
Homeදේශපාලනජනාධිපතිවරණය කලින් පැවැත්වීමේ සුදානමක් ?

ජනාධිපතිවරණය කලින් පැවැත්වීමේ සුදානමක් ?

ජනාධිපතිවරණය කලින් පැවැත්විමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සුදානම් වන බව වාර් තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට මහජන ජන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරණයක් කලින් කැදවිමේ හැකියාවක් නොමැතිවීම හමුවේ මෙම තිරණය ගෙන ඇති බවයි.

ඒ අනුව දැනට වසර පහකට වරක් පැවැත්විය හැකි ජනාධිපතිවරණයක් වසර හතරකට වරක් පැවැත්වීමේ සංශොධනයක් මෙලෙස ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි සදහන්.

සදහා විපක්ෂ කණ්ඩායම් වල සහයද හිමිවනු ඇතැයි ආණ්ඩුව විශ්වාසය පල කරන බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයකු සදහන් කලා.

වසරක් ඇතුලත ජනාධිපතිවරණයක් කැදවිමකින් තමන්ට යලි ජනතා ජන්දෙන් ජනාධිපති ධූරයට පත් විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පල කිරීම මිට තවත් හේතුවක් වනු ඇති.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් වන විට ජනාධිපතිවරණය කැදවිමට නියමිතව ඇතැයි සදහන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments