Friday, January 23, 2026
Homeදේශීය"ජනාධිපති ගෝඨාභයට රටින් යන්න ඉන්දියාව උදව් කළේ නෑ" - මහකොමසාරිස් කියයි

“ජනාධිපති ගෝඨාභයට රටින් යන්න ඉන්දියාව උදව් කළේ නෑ” – මහකොමසාරිස් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාම සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට වන කතාව ඉන්දීය රජය දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ ඉන්දියාව ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂ ගේ පිටවීමට පහසුකම් සැලසූ බවට අතැම් සමාජ මාධ්‍යවල පළවන ප්‍රචාරයන්ට ප්‍රතිචාර වශයෙනි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් පවසන්නේ මේ මොහොතේ ශ්‍රි ලංකාවේ ජනතාව පවතින දුෂ්කරතාවලින් මුදවාගෙන ඔවුන් අපේක්ෂා කරන සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා ශ්‍රි ලංකාවේ ජනතාවට සහය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවයි.

මේ අතරම ඊයේ සවස ජනාධිපතිවරයා ඇතුළු 17 දෙනෙකුට ඩුබායි රාජ්‍යයට පිටවී යෑම සඳහා නිෂ්කාශන කටයුතු ගුවන්තොටුපල ආගමන විගමන අංශ ප්‍රතික්ෂේප කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments