Wednesday, January 28, 2026
Homeසියලුම පුවත්ජ්‍යෙෂ්ඨ අපිත් තනතුරු බලාපොරොත්තු වුනා.. පොහොට්ටුව ජනාධිපතිට සහාය දීම ගැන තීන්දුවකට සූදානම්.

ජ්‍යෙෂ්ඨ අපිත් තනතුරු බලාපොරොත්තු වුනා.. පොහොට්ටුව ජනාධිපතිට සහාය දීම ගැන තීන්දුවකට සූදානම්.

ජේෂ්ඨයන් ලෙස යම් යම් තනතුරු ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එය තමන් පමණක් නොව පක්ෂයක් ලෙස බලාපොරොත්තුවෙන් සිටි බවද හෙතෙම පැවසීය.

පක්ෂයත් සමග සාකච්ඡා කර පක්ෂ නායකයන්ගේ සහයෝගය ද රැගෙන ඉදිරියට යාමට ජනාධිපතිවරයා ද දැනගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් එය නිසි ආකාරයෙන් සිදු නොවන බව පෙනී යන විට පක්ෂයේ අය යම් යම් ප්‍රකාශ කිරීමට පෙළඹෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් කැඳවන තුරු ජනාධිපතිවරයා ලබාදෙන සහයෝගයෙන් ඉවත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් පැවසූ ඔහු මැතිවරණයක් කැදවූ විට පක්ෂයක් ලෙස ගන්නා තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

RELATED ARTICLES

Most Popular

Recent Comments