මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
සිදුකළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අතර, එහිදී හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුව සතොසට අයත් ලොරි රථයක් අයුතු ලෙස භාවිතා කරමින් රජයට මූල්‍ය අලාභයක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බව සඳහන් වේ.

