Homeසියලුම පුවත්ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය පස්වන දිනටත්

ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය පස්වන දිනටත්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (20) පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.පසුගිය 16 වැනිදා පස්වරුවේ විහාරමහා දේවී උද්‍යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ. එදින එම ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති විය.සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.පසුගිය 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පසුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කර එහි ලේකම්වරයා සමඟ සාකච්ඡාවකද නිරත වූහ.කෙසේ වෙතත්, එම සාකච්ඡාව අසාර්ථක වූ බව පවසමින් සිය ඉල්ලීම්වලට විසඳුමක් ලැබෙන තෙක් විහාරමහා දේවී උද්‍යානයේ රැඳී සිටීමට තීරණය කළ බව භික්ෂූන් වහන්සේලා සඳහන් කළහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments