නීතිවිරෝධී ලෙස ඩුබායිවලින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 10ක වටිනාකමක සුවඳ විලවුන් තොගයක් රාජගිරිය, ගොතටුව ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (10) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සොයාගැනීම සිදුවී තිබේ.
අධිකාරිය සඳහන් කරන්නේ, එම සුවඳ විලවුන් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා විකිණීමට උත්සාහ කර ඇති බවය.
අදාළ පුද්ගලයන්ට එරෙහිව වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වාර්තා වේ.
ඩුබායිවලින් ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් රාජගිරියේදී සොයා ගැනේ

