Saturday, March 7, 2026
Homeවිදේශීයඩුබායි ගුවන්තොටුපොළට ඉහළින් පිපිරීමක්

ඩුබායි ගුවන්තොටුපොළට ඉහළින් පිපිරීමක්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (07) පෙරවරුවේ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිපිරීමෙන් අනතුරුව ගුවන්තොටුපොළට ඉහළ අහසේ දුමාරයක් දක්නට ලැබුණු බවද වාර්තා වේ. ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ පිපිරීමෙන් අනතුරුව ගුවන් යානා ගොඩබෑමට නොහැකිව ගුවන්තොටුපොළට ඉහළ රැඳී සිටි බවයි.

මේ සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එය සුළු සිදුවීමක් බවත් ගුවන්තොටුපොළ පිළිබඳ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත්ය.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාරවලින් පසු ඇතිවූ යුදමය වාතාවරණය මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වී තිබේ. සිද්ධියෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර ගුවන්තොටුපොළටද යම් හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන ඩුබායි ගුවන්තොටුපොළේ සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් ඉකුත් සඳුදා සිට යළි ආරම්භ කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments