Homeසියලුම පුවත්ඩුබායි සිට පිටුවහල් කළ ‘කොණ්ඩ රංජි’ ගුවන්තොටේදී CID භාරයට

ඩුබායි සිට පිටුවහල් කළ ‘කොණ්ඩ රංජි’ ගුවන්තොටේදී CID භාරයට

ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු CID භාරයට ගත් බවයි.

‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments