Homeසියලුම පුවත්තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵලයට ලෝක අවධානය

තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵලයට ලෝක අවධානය

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, එළැඹෙන 04 වැනිදා පස්වරුවේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත අතර, මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය 85% ඉක්මවා තිබීම විශේෂත්වයකි.
මෙවර දේශපාලන සටනේ වැඩි අවධානය යොමුව ඇත්තේ විජේගේ නව දේශපාලන ආගමනය සහ එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානය අතර තරගයටය.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රතිඵලය ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලනයට පමණක් නොව ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද බලපෑම් කළ හැකි බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments