Sunday, November 16, 2025
Homeදේශීයතරුණයාට පයින් ගැසූ යුද හමුදා නිලධාරියා පරික්ෂණ අවසන් වන තෙක් සේවයෙන් ඉවතට

තරුණයාට පයින් ගැසූ යුද හමුදා නිලධාරියා පරික්ෂණ අවසන් වන තෙක් සේවයෙන් ඉවතට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා නිලධාරියා පිළිබඳ මූලික පරීක්‍ෂණ උසාවියේ නිර්දේශ ලැබෙන තුරු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු රාජකාරිවලින් ඉවත්කර ඇති බව යුද හමුදාව නිවේදනය කර සිටිනවා.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මඟින් විමර්ශනයක් ද මීට සමගාමීව සිදුකරමින් පවතී.

මෙම සිදුවීම පිළිබඳව නිරීක්‍ෂණය කර ඒ සබැඳිව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නියෝග මත ආරක්‍ෂක සේනා මූලස්ථානය – බටහිර වෙතින් බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත මූලික පරීක්‍ෂණ උසාවියක් පසුගිය සඳුදා පත් කළ බව යුද හමුදාව නිවේදනය කර සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments